මරණාසන්න අත්දැකීම්
මරණාසන්න අත්දැකීම් ලැබූ ඇතැමුන් පවසන්නේ, ඔවුන්ගේ ජීවිතවල, ප්‍රධාන අවස්ථා ක්ෂණිකව මතකයට නැගෙන බවය.
බොහෝ අය පවසන්නේ, තමන් දැඩි ආලෝකයක් දුටු බව ය. තවත් අය ශරීරයෙන් පිටත අත්දැකීම් සහ ඉහළ සිට දර්ශනය නිරීක්ෂණය කළ බවත් විස්තර කරති.
ආචාර්ය බෝර්ජිගින් ඇයගේ අධ්‍යයනයන්හිදී නිරීක්ෂණය කරන ලද අධික්රියාකාරී මොළයට, ඇතැම් පුද්ගලයන් මරණයේ එළිපත්ත මත සිට මෙතරම් දැඩි අත්දැකීම් ලබා ඇත්තේ මන්දැයි පැහැදිලි කළ හැකි ද?
“ඔව්, මම හිතන්නෙ ඒක එහෙම යි,” ඇය පවසයි.
“හෘදයාබාධයකින් දිවි ගලවා ගත් අයගෙන් අවම වශයෙන් 20%-25% ක් සුදු ආලෝකයක් දැකීම හරහා යමක් දකින බව වාර්තා කරයි, ඒ මගින් දෘශ්‍ය බාහිකය (visual cortex) සක්‍රීය වී ඇති බව නිගමනය කරන්න පුළුවන්.”
වෙන්ටිලේටර් යන්ත්‍ර ක්‍රියා විරහිත කිරීමෙන් පසු මොළයේ ඉහළ ක්‍රියාකාරිත්වයක් නිරීක්ෂණය කළ රෝගීන් දෙදෙනා සම්බන්ධයෙන්, පර්යේෂකයා පවසන්නේ, ඔවුන්ගේ දෘශ්‍ය බාහික (විඥානික දර්ශනයට සහය වන) “මෙම දෘශ්‍ය අත්දැකීම සමග සහසම්බන්ධ විය හැකි” දැඩි ක්රියාකාරීත්වයක් පෙන්නුම් කළ බව ය.