කෝටි හත හමාරක ලොතරැයියක් දිනා තමාව පැහැරගත් බවට බොරු පැමිණිල්ලක්

රුපියල් කෝටි හත හමාරක ලොතරැයි දිනුමක් ලැබුණු පසු තමන්ව පැහැරගෙන දින දහයක් පුරා පහර දෙමින් ගම්පොළ රත්මල් කඩුව ප්‍රදේශයේ නිවසක සිරකර තබාගත් බවට අකුරණ ප්‍රදේශයේ පුද්ගලයෙකු ව්‍යාජ පැමිණිල්ලක් කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් පැවති නඩු විභාගයේදී එම පැමිණිල්ල ව්‍යාජ බව අනාවරණය වී ඇත්තේ.

ඒ අනුව සිද්ධියේ ප්‍රධාන සැකකරුවන ව්‍යාපාරිකයෙක් ඇතුළු සිව් දෙනා නිදහස් කර එම පැමිණිලිකරුට චෝදනා ගොනු කරන ලෙස ගම්⁣පොළ මහේස්ත්‍රාත් කාංචනා කොඩිතුවක්කු පොලිසියට නියෝග කර තිබෙනවා.