පුරා වස්තු ලබා ගැනීමට කැණිම්කල කල සැකකරුවන් හත්දෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට
ගලෙන්බිඳුණුවැව පොලිස් වසමේ බමුණුත්තුව ඇද්දත්ගල රක්ෂිත ප්රදේශයේදී පුරා වස්තු ලබා ගැනීමේ අරමුණින් කැණිම්කල කල සැකකරුවන් හත්දෙනෙකු ලබන 22 ක දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කහටගස්දිගිලිය මහේස්ත්රාත් අධිකරණයේ මහේස්ත්රාත් විමල් ඉන්දික වීරසිංහ මහතා නියෝග කලේය.
ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරික්ෂක ඩි.එන්.එම්.එස්.දිසානායක මහතාට ලද තොරතුරක් මත පොලිස් ස්ථානයේ වැටලීම් නිලධාරීන් පිරිසක් පසුගිය (08) දිවා කාලයේදී ගලෙන්බිඳුණුවැව පොලිස් වසමේ බමුණුත්තුව ඇද්දත්ගල රක්ෂිත ප්රදේශයේදී වැටලීමක් සිදුකර පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් හත්දෙනෙකු කැණීම් උපකරණ හා ගල්මත හා පොලව පතුලේ පවතින දෑ සෙවීමේ අධිබලැතී මෙවලම් සමග අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් (09) වන දින කහටගස්දිගිලිය මහේස්ත්රාත් අධිකරණයේ මහේස්ත්රාත් විමල් ඉන්දික වීරසිංහ මහතා වෙන ඉදිරිපත් කිරිමෙන් අනතුරුව වැඩිදුර පරික්ෂණ සදහා මෙම නියෝගය ලබාදී තිබේ.
කහටගස්දිගිලිය මහේස්ත්රාත්වරයා විසින් මෙලෙස රක්ෂිත බන්ධනාගර ගත කිරිම සදහා නියෝග ලබා දී ඇත්තේ වයස අවුරුදු 28, 32, 37, 38, 40, 50 හා 59 යන වයස්වල පසුවන හිරිවඩුන්න, මන්දාරම්නුවර, අලව්ව, පඬිකාරමඩුව, කුරුණෑගල හා ගලෙන්බිඳුණුවැව ප්රදේශවල පදිංචිකරුවන් හත් දෙනෙකු සදහ වන අතර ගලෙන්බිඳුණුවැව පොලිස් වසමේ බමුණුත්තුව ඇද්දත්ගල රක්ෂිත ප්රදේශයේදී සිදුකල වැටලීම සදහා ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති වරයාගේ උපදෙස් මත උ.පො.ප ඩබ්ලිව්.ජ.හින්බංඩා,පොලිස් සැරයන් 32328 රාජපක්ෂ,පොලිස් කොස්තාපල්.79182 ඒකනායක.පොලිස් කොස්තාපල් 78336 විජේරත්න යන නිළධාරින් සහභාගි වී තිබේ.
සිද්ධියට අධාල ඉදිරි වැඩිදුර විමර්ශන ගලෙන්බිඳුණුෙවැව පොලිසිය මගින් සිදු කරනු ලබ බව අප කල විමසීමකදී ගලෙන්බිදුනුවැව පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරික්ෂක ඩි.එන්.එම්.එස්.දිසානායක මහතා පැවසීය..
ගලෙන්බිදුණුවැව – චින්තක ක්රීෂාන්ත බාලසුරිය