ගෘහභාණ්ඩ ගබඩාවක් ගිනිගෙන විනාශයි…

වව්නියාව මරක්කාරම්පලෙයි ප්‍රදේශයේ පිහිටි කොහුබත් කර්මාන්තශාලාවක් අසල පිහිටි ගෘහභාණ්ඩ ගබඩවක (24) සවස ඇති වූ හදීසි ගිනිගැනීමක් හේතුවෙන් එහි ගෘහභාණ්ඩ නිශ්පාදන සියල්ලක්ම ගින්නෙන් විනාශ වී ඇතැයි පොලීසිය පැවසීය.

ගෘහභාණ්ඩ ගබඩාව ආසන්නයේදී ගබඩාවේ තිබූ පැරණි නිශ්පාදන කිහිපයකට එහි හිමිකරු විසින් ගිනිතබා විනාශ කිරීමට ගත් උත්සහයකදී පැවිති සුලඟ හේතුවෙන් ගින්න ගෘහභාණ්ඩ ගබඩාවටද ව්‍යාප්ත වී ඇති බවට සැක පලකරන බවට පරික්ෂණ සිදුකරන පොලීසිය පැවසීය.

ගෘහභාණ්ඩ ගබඩාවට පැතිරුනු ගින්න නිවා දැමීමට උත්සහ කලද එය අසාර්ථක වීමෙන් පසුව ඒ පිළිබඳව වව්නියාව නගරසභාවේ ගිනි නිවීමේ ඒකකයට දැනුම් දී ඇත.

පසුව වව්නියව නගරසභා ගිනි නිවීමේ ඒකකය , යුදහමුදව සහ ප්‍රදේශ වාසීන් එක්ව පැය 03 කට අධික කාලයකට පසුව ගබඩාව තුල වූ ගින්න මැඩපැවත්වීමට පියවර ගෙන තිබුණි.

ගබඩාව තුල වූ ගින්න මැඩපැවත්වීමට නොහැකි වී ඇත්තේ ඊයේ දිනයේදීද ගෘහභාණ්ඩ රැසක් රැගෙනවිත් ගබඩාකර තිබූ බවටත් එම ගෘහභාණ්වලට ගිනිගැනීම හේතුවෙන් ගින්න නිවා දැමීමට අසීරු වූ බවට පොලීසිය පැවසීය.

ගින්න හේතුවෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති අතර ගින්නෙන් ගබඩාවේ අසුරා තිබූ ගෘහභාණ්ඩ සියල්ලක්ම සම්පූරණයෙන් විනාශ වී ඇත.

පැවති වියලි කාලගුණයත් සමග ගින්න සීග්‍රයෙන් ව්‍යප්ත වීම නිසා හානිය වැඩී වී ඇති අතර හානිය කොතෙක්දැයි යන්න මෙතෙක් තක්සේරු කොට නොමැති බවටද පරික්ෂණ සිදුකරන වව්නියාව පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංක