දන්සලෙන් ඩේටා ගත්තාද.. ඔබේ ඩේටා හැකරුන් අතේ..
ජංගම දුරකථන ඩේටා ලබා දෙන බව පවසමින් පරිශීලකයන්ගේ පෞද්ගලික දත්ත සොරා ගැනීමේ සිදුවීම් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි ඉහළගොස් ඇතිබව ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදයේ ජේෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චාරුක දමුණුපොල මහතා පැවසීය.
එවැනි පණිවිඩ විවෘත්ත කිරීමෙන් වලකින ලෙස ඉල්ලා සිටියි. එවැනි තොරතුරු හරහා මුදල් පවා වංචා කිරීමේ අවධානමක් පවතියි. ඒ හේතුවෙන් එවැනි පණිවිඩයක් ලැබුණු පසු නැවත නැවත ශෙයා කිරීමෙන් වලකින ලෙස වැඩිදුරටත් පැවසීය.
– නාගොඩ සුමන උදයන්ත