විපක්ෂ මන්ත්‍රීවරු 7කට බාර් ලයිසන්

තවත් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  හත් දෙනකු ආණ්ඩුවෙන් මත්පැන් අලෙවිසල් බලපත්‍ර (බාර් ලයිසන්) ලබාගෙන ඇති බවට එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.

එම පිරිසට ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු දෙදෙනෙක්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු දෙදෙනෙක්, කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් සහ  දකුණු පළාතේ මන්ත්‍රීවරු දෙදෙනෙක් ඇතුළත් වන බව සඳහන් වේ.

ආණ්ඩුවට සම්බන්ධවී උදව් කරන බවට පොරොන්දුවීමෙන් පසු ඔවුන්ට මෙම මත්පැන් අලෙවිසල් බලපත්‍ර ලබාදී තිබෙන බවට වාර්තා වේ.

ඒ ඒ දිස්ත්‍රික්කවල විහාරාධිපති ස්වාමීන්වහන්සේලා මාර්ගයෙන් විපක්ෂයේ නායකයන්ට මේ පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබෙන බවට පැවසේ.

මේ අතර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු රැසක්ද මත්පැන් බලපත්‍ර දැනටමත් ලබාගෙන ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

ආණ්ඩුව අලුතින් මත්පැන් බලපත්‍ර දෙසීයක් නිකුත් කර ඇතැයි පාර්ලිමේන්තුවේදී පසුගියදා සංවාදයක් ද ඇති වි තිබුණා.