මහින්දානන්ද අලුත්ගමගේ නිදොස් කොට නිදහස්

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර ඇත.

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයතා ලෙස උපයාගත් රුපියල් මිලියන 27කට අධික මුදලක් වැය කොට කොළඹ කින්සි පාරේ සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කර ඇති බවට මහින්දානන්ද අලුත්ගමගේ මහතා චෝදනා ලබා සිටි අතර අද (30) දිනයේ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා එම චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරන ලෙස නියෝග කර තිබේ.

ඉකුත් යහපාලන රජය සමයේ නීතිපතිවරයා විසින් හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණා.