රෝහලේ ගුටි කෙළියෙන් පිරිසකට තුවාල
මහනුවර මැණික්හින්න රෝහල් පරිශ්රය තුළ හටගත් නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් රෝහල් කාර්ය මණ්ඩලය ඇතුළු පුද්ගලයින් 07 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ඊයේ රාත්රී මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන ඇති අතර එය පාලනය කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් ද කැඳවීමට පියවර ගෙන තිබිණා.
මැණික්හින්න ප්රදේශයේ පැවති අවුරුදු උත්සවයක් අතරවාරයේ තුවාල ලැබු පුද්ගලයෙකු ප්රතිකාර සඳහා රෝහල වෙත රැගෙනවිත් ඇති අතර එහිදී රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයින් ද අවුරුදු උත්සවයකට සහභාගීවී තිබීම හේතුවෙන් ප්රතිකාර කිරීමට ප්රමාද වී ඇති බවයි වාර්තාවන්නේ.
මේ සම්බන්ධවෙන් විමසීමේ දී රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ තුවාල ලැබු පාර්ශ්වය අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇති අතර එය ගැටුමක් දක්වා වර්ධනය වී දෙපාර්ශ්වයේ ම පුද්ගලයින් 07 දෙනෙකු තුවාල ලබා මහනුවර රෝහලට ඇතුළත් කර තිබෙනවා.