මාස 9ක බිළිඳියක් ඝාතනය කරයි

මහබාගේ පොලිස් වසමේ හලන්දුරුව පාර, රාගම යන ප්‍රදේශයේ පදිංචිව සිටි මාස 9ක් වූ බිළිඳියක් ඝාතනය කර ඇතැයි වාර්තා වෙනවා..

පොලීසිය සඳහන් කළේ, ඊයේ උදෑසන බිළිඳියව කවුරුන් හෝ විසින් රැගෙන ගොස් ඇති බවට බිළිඳියගේ පියා විසින් පැමිණිලි කළ බවයි.

පසුව පැමිණිකරු පදිංචිව සිටි නිවස ආසන්නයේ ළිඳක් තුළ තිබී බිළිඳියකගේ සිරුර සොයගෙන තිබෙනවා.

සිදුකළ විමර්ශනයේ දී මව විසින් බිළිඳියව ළිඳට දමා ඇති බවයි.
අනාවරණය වී ඇත්තේ .

ඒ අනුව පොලීසිය විසින් සැකපිට මව ව අත්අඩංගුවට ගෙන තිබෙනවා.