පුද්ගලයින් දෙදෙනෙකුට මරණ දඬුවම
මීට වසර 22කට පමණ පෙර කොළඹ ගෑස්පහ හන්දිය ප්රදේශයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරු වූ විත්තිකරුවන් දෙදෙනෙකුට මරණ දණ්ඩනය නියමකර තිබෙනවා.
එම ඝාතනය සිදු කර තිබුනේ 2002 වසරේ අගෝස්තු මස 08 වනදායි.
කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් එම නියෝගය නිකුත් කළා.
එම විත්තිකරුවන් දෙදෙනාට පැමිණිල්ල විසින් ගොනුකළ චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පුකර ඇති බවට නිගමනය කරමින් කොළඹ මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කර තිබෙන අතර නඩුවේ දෙවන සහ හතරවන විත්තිකරුවන් දෙදෙනා නිදොස් කොට නිදහස් කිරීමටයි නියෝග කර අත්තෙ.