ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් ඔවුන්ගේ වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර ඇත.

ඒ අනුව අද සහ හෙට ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවල, රජයේ ගුරු විදුහල්වල සහ ගුරු වෘත්තීය මධ්‍යස්ථානවල පීඨාධිපතිවරුන් සහ අනෙකුත් සියලුම ගුරු අධ්‍යාපනඥයින් සංකේත වැඩ වර්ජනයක නිරතවීමට පියවර ගෙන ඇති බවට එහි ලේකම් ධම්මික මිරිහාන මහතා සඳහන් කරයි.

වැටුපට අමතරව වෙනත් දීමනා කිසිවක් තම වෘත්තීන්ට නොලැබෙන බවට ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.