හෙට කොළඹට පැය 14ක කාලයක් ජල සැපයුම අත්හිටුවයි

හෙට (27) පස්වරු 05 සිට පැය 14ක කාලයක් අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ, දෙහිවල – ගල්කිස්ස හා මොරටුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කරයි.

හෙට පස්වරු 5 සිට ඉරිදා පෙරවරු 7 දක්වා  කොළඹ 5 සහ 6, දෙහිවල – ගල්කිස්ස හා මොරටුව නගර සභා බලප්‍රදේශ, ජයන්තිපුර සහ පැලවත්ත යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවට වාර්තා වේ.