වැඩ බලන දුම්රිය සාමාන්‍යාධිකාරිවරයෙකු පත් කෙරේ

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ එම ධූරයේ වැඩ කටයුතු ආවරණය කිරීම සඳහා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්) එස්.එස් මුදලිගේ මහතා පත්කර තිබේ.

මෙම පත්වීම, ප්‍රවාහන හා මහමාර්ග අමාත්‍යංශ ලේකම් රංජිත් ගංගානාත් රූබසිංහ මහතා විසින් පත්කෙරූ අතර, අදාළ පත්වීම් ලිපිය ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් අමාත්‍යාංශ කාර්යාලයේදී එස්.එස් මුදලිගේ මහතා වෙත පිරිනමන ලදි.

ඒ අනුව, ඒ මහතා දැනට දරනු ලබන අමාත්‍යංශයේ  අධ්‍යක්ෂ ජනරාල් ( සැලසුම් ) තනතුරට අමතරව දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරේ වැඩ ආවරණය කිරීමද සිදුකිරීමට නියමිතයි.