විදුලිය තාවකාලිකව විසන්ධි කිරීම ලබන 22 වැනි දා දක්වා නවත්වයි
එළඹෙන උත්සව සමයට පෙර නඩත්තු කටයුතු සඳහා විදුලිය විසන්ධි කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ ප්‍රකාශ කරයි.
ඒ අනුව ලබන 22 වනදා දක්වා විදුලිය විසන්ධි කිරීම තාවකාලිකව අත්හිටුවන ලැබේ.
අලුත් අවුරුදු සමය තුළ විවිධ උත්සව සංවිධානය කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවට ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.