මන්ත්‍රී පවුල්වලටත් රක්ෂණයක්….?

මන්ත්‍රීවරුන් රැසක් තමන්ගේ පවුල්වල සාමාජිකයන්ට ද රක්ෂණ රැකවරණය දෙන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙන බවට වාර්තා වේ.

මෙතෙක්  රක්ෂණ රැකවරණ ලැබෙනුයේ මන්ත්‍රීවරුන්ට පමණක් වන අතර පාර්ලිමේන්තුවේ සෑම මන්ත්‍රීවරයකුටම වාර්ෂිකව හිමි වන රක්ෂණ ආවරණයේ වටිනාකම රුපියල් ලක්ෂ දහයකි.

තමන්ගේ වැටුප්වලින් යම් කිසි මුදලක් කපාගෙන පවුලේ සාමාජිකයන්ට ද රක්ෂණ ආවරණය දෙන්නැයි ඔවුන් මෙසේ ඉල්ලා ඇති බවට වාර්තා වේ.

පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේ රැස්වීමක් ඉදිරි සතිවලදී පැවැත්වීමට නියමිතව ඇති අතර එහිදී ද මේ පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව මන්ත්‍රීවරු කීපදෙනෙක් පවසා ඇත.

කෙසේවෙතත් පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේ රැස්වීමක් මාස ගණනාවකින් පවත්වා නැති බවටද වාර්තා වේ.