රාජ්‍ය බැංකු සම්බන්ධයෙන් ගත් නව කැබිනට් තීරණ

රාජ්‍ය හිමිකාරීත්වය සහිත බැංකු ආයතන සම්බන්ධයෙන් යෝජිත ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රාජ්‍ය හිමිකාරිත්වය සහිත බැංකු ආයතනයන්හි සමස්ත පාලනය, අවදානම් කළමනාකරණය සහ අධීක්ෂණය වැනි ක්ෂේත්‍රයන්හි පවතින දුර්වලතාවයන් හේතු කොටගෙන පසුගිය කාල සීමාවේ පැවති ආර්ථික අර්බුදය අතරතුරදී එම බැංකු වලට දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ පෑමට සිදුව ඇතැයි රජය කියයි.
එවැනි දුෂ්කරතාවයන් නැවත ඇතිවීම වැලැක්වීම අරමුණු කරගෙන එම බැංකුවල සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ ගණනාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ,ලෝක බැංකුව හා ශ්‍රී ලංකා මහ බැංකුව යන ආයතන වල සාමාජිකයන්ගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් මගින් හඳුනාගෙන තිබෙන බවට රජය සඳහන් කරයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදෙන ලද විස්තීරණ මූල්‍ය පහසුකම් වැඩසටහන තුළ අන්තර්ගත ව්‍යුහාත්මක අවශ්‍යතාවයක් වශයෙන් මෙන්ම ලෝක බැංකුව විසින් ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් යටතේ වන මූලික ක්‍රියාකාරකම් වශයෙන් ද එකී ප්‍රතිසංස්කරණ කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි රජය කියයි.
එම ප්‍රතිසංස්කරණ යෝජනා ක්‍රියාත්මක කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.