මැලේසියාවට පනින්න ගිය අයෙක් අල්ලයි

ව්‍යාජ  විදෙස් ගමන් බලපත්‍රයක් භාවිත කරමින් මැලේසියාව බලා පිටව යෑමට උත්සාහ කළ 34 හැවිරිදි යාපනයේ, සන්දිලිපායි ප්‍රදේශයේ පදිංචිකරුවෙක්  කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ පුද්ගලයාට රටින් පිටවීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් ද ක්‍රියාත්මක වන අතර ඔහු සිය ජීව දත්ත තොරතුරු වෙනස් කර ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රය සකස් කර තිබිණි.

එම පුද්ගලයා අද (10) අලුයම මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර බලා පිටත්ව යෑමට නියමිතව තිබිණි.

මගී නිශ්කාශන කටයුතු නිමවා අසුන්ගෙන සිටිය දී ඔහු පිළිබඳව නිලධාරීන්ට ඇති වූ සැකය මත මෙලෙස පරීක්ෂාවට ලක්කර ඇත.

එම පුද්ගලයා 2012 වසරේ දී බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියාවට පළා යෑමට උත්සාහ කර අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රටින් පිටවීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කර තිබේ.