පියාගේ දිවි තොර කළ මව සහ පුතා සිරුර වැවට දමයි

හිඳෝගම පොලිස් වසමේ දිවුල්වැව ප්‍රදේශයේ වැවෙහි නාඳුනන මෘත ශරීරයක් ඇති බවට හිඳෝගම පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන අරඹා තිබේ.

මෘත ශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව තියුණු ආයුධයකින් පහරදී මෙම පුද්ගලයා ඝාතනය කර ඇති බවට අනාවරණය වී තිබෙනවා.

මෙසේ  මියගිය පුද්ගලයා 45 හැවිරිදි දංගහකඩවල, හිඳෝගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් වන අතර මෙම ඝාතනය සම්බන්ධයෙන් අවුරුදු 24ක් වූ මියගිය පුද්ගලයාගේ පුතා සහ ඊට අනුබල දුන් අවුරුදු 39ක් වූ මියගිය පුද්ගලයාගේ බිරිඳ ඊයේ (09) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් නිවසේ දී මෙම ඝාතනය සිදුකර ඇති බවට අනාවරණය වී ඇති අතර, ඝාතනයෙන් පසු මෘත ශරීරය රැගෙන යෑමට භාවිත කළ ත්‍රිරෝද රථයක් ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.