සිරකරුවන් 779 දෙනෙකුට ජනපති සමාව

සිරකරුවන් 779 දෙනකුට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට තීරණය කර තිබෙන බව ජනාධිපති කාර්යාලය ප්‍රකාශ කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම සමාව ප්‍රදානය කෙරෙනු ඇති.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සමරමින් සිරකරුවන් සඳහා මෙලෙස ජනපති සමාව ලබාදෙන බව ජනාධිපති කාර්යාලය සඳහන් කර ඇත.