රතිඤ්ඤාවල ප්‍රමිතිය ගැන නිවේදනයක්

රතිඤ්ඤාවල ප්‍රමිතිය සොයා බලන ලෙස අක්ෂි රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් ඉල්ලා සිටියි.

ඊයේ (08) ජාතික අක්ෂි රෝහලේදී  පැවැත්වූ මාධ්‍ය සම්මන්ත්‍රණයකට එක්වෙමින් අක්ෂි රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය කුසුම් රත්නායක මහතා විසින්  සිංහල දෙමළ අලුත් අවුරුද්දේදි සිදුවන ගිනිකෙළි භාවිතයේදි ඇතිවන අනතුරු සම්බන්ධව  මෙම ඉල්ලීම සිදු කර ඇත.

වෙනත් රටවල රතිඤ්ඤා හෝ සෑම ගිනිකෙළි ද්‍රව්‍යකම එය භාවිත කරනු ලබන ආකාරය සහ එහි අඩංගු ද්‍රව්‍ය පිළිබඳ ලේබලයක් අලවා ඇති නමුත් මෙරට නිෂ්පාදනය කරනු ලබන බොහෝ ගිනිකෙළි ද්‍රව්‍යවල එම තත්ත්වය දක්නට නොලැබෙන බවට විශේෂඥ වෛද්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත.