මැතිවරණ කොමිසම ඡන්දයට ලෑස්ති වෙයි

ජූලි මස 17වන දිනට පසු ඕනෑම දිනයක ජනාධිපතිවරණයට අදාළ නාමයෝජනා පත්‍ර කැදවීමේ බලය ව්‍යවස්ථානුකූලව මැතිවරණ කොමිසමට හිමි වෙයි.
මැතිවරණ කොමිසම මගින් ජනාධිපතිවරණය පැවැත්වීමට අවශ්‍ය කාලවකවානු තීරණය කිරීමෙන් පසු මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා විසින් නාමයෝජනා පත්‍ර කැඳවීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරනු ඇති අතර ජනාධිපතිවරණය එළඹෙන සැප්තැම්බර් මස අඟ සතියේ හෝ ඔක්තෝම්බර් මස මුල් සතියේ පැවැත්වීමට නියමිත බව මේ වනවිට වාර්තා පළවෙයි.
ප්‍රචාරක කටයුතු සඳහා දින 28ක් හෝ 35ක කාලයක් හිමිවන අතර ඒ අනුව ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා කැඳවීමේ දිනය තීරණය වනු ඇත.
ඒ අනුව ජනාධිපතිවරණයට අදාළ මූලික කටයුතු මේ වනවිට මැතිවරණ කොමිසම විසින් ආරම්භ කර තිබේ.
මේ අතර ප්‍රථමයෙන් ජනාධිපතිවරණය පවත්වන්නේ ද එසේත් නොමැති නම් මහමැතිවරණයක් පවත්වන්නේ ද යන්න පිළිබඳව මේ වන තෙක් අවසන් තීරණයක් ගෙන නොමැත.
කෙසේවෙතත් මහමැතිවරණයක් පවත්වන ලෙස ජනාධිපතිවරයා වෙත ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ශ්වය තුළින් එල්ලවන බලපෑම් තවදුරටත් පවතින බවද වාර්තා වෙයි.
මීට අදාළ සාකච්ඡාවක් පසුගිය සතියේ ද පවත්වා ඇති අතර ජනාධිපතිවරයාගේ පාර්ශ්වය ප්‍රථමයෙන් ජනාධිපතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් වැඩි කැමැත්තක් දක්වයි.
එහෙත් මේ වනවිට ජනාධිපතිවරයාගේ පාර්ශ්වයේ ඇතැම් පුද්ගලයින් ප්‍රථමයෙන් මහමැතිවරණයක් පැවැත්වීම සඳහා ද සිය කැමැත්ත පළ කර ඇති බව තවදුරටත් වාර්තා වෙයි.
සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය ප්‍රථමයෙන් පවත්වන මැතිවරණය සම්බන්ධයෙන් සිය මතය මේ දක්වාත් සෘජුව ප්‍රකාශ කර නොමැති අතර කුමන මැතිවරණයක් ප්‍රථමයෙන් පැවැත්වුව ද තමන් ඊට සුදානම් බව ඔවුන් ප්‍රකාශ කරයි.
මේ අතර මෙම වර්ෂය සඳහා ඡන්ද හිමි නාමලේඛන සකස් කිරීම අද දිනයේ සිට මැයි මස 10 වනදා දක්වා සිදුකරන බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කර ඇත.