ජන හද විල පිපි සියපත මහින්ද

පුජ්‍ය වැවහමන්දුවේ සුබෝධ හිමි සහ පුජ්‍ය වැවහමන්දුවේ ලෝචන ධම්ම හිමි විසින් රචිත “ජන හද විල පිපි සියපත මහින්ද” නැමති ග්‍රන්ථය දොරට වැඩීම සහ පිළිගැන්වීමේ උත්සවය අද (09) පැවැත්විය .
මෙම උත්සව සභාව අමතමින් පුජ්‍ය වැවහමන්දුවේ සුබෝධ හිමියන්,
“මහා සංඝරත්නය ගැන වැඩිපුර ආදරණියව කටයුතු කරන නායකයා මහින්ද රාජපක්ෂ. අද සමාජයේ තරුණ පරම්පරාව මෙතුමා ගැන වැරදි ආකල්ප නොයෙකුත් අපහාස සෝෂල් මිඩියා හරහා සමාජ ගත කරනවා අපි දැකලා තියනවා. ඒ නිසා තමයි අපි මේ ග්‍රන්ථය රචනා කරන්නේ. වෙන ජනාධිපතිවරු පත්වෙන්න පුලුවන්. නමුත් ජනාධිපති කියන කොට ගොඩක් මිනිසුන්ගේ හදවතේ ඉන්නේ ඔබතුමා.”
එම අවස්ථාව සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම්, සී.බී රත්නායකඇතුළු අමුත්තන් රැසක් එක්ව සිටියා.