නිවසක් තුළ සැකකටයුතු කාන්තා මල සිරුරක්

දංකොටුව – කටුකෙන්ද ප්‍රදේශයේ නිවසක් තුළ දී සැකකටයුතු ලෙස මියගොස් සිටි කාන්තාවකගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

මෙම ඝාතනය ඊයේ (31) සිදුව ඇති බව පොලීසිය පවසන අතර, ගෙල සිරකර ඝාතනය කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙලෙස ඝාතනය කර ඇත්තේ 52 හැවිරිදි කටුකෙන්ද දංකොටුව ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි වාර්තා වන්නේ.

මෙම කාන්තාව ඇයගේ පුත්‍රයා සමඟ කටුකෙන්ද ප්‍රදේශයේ උළු කම්හලකට අයත් නිවසක පදිංචිව සිට තිබෙනවා.

ඊයේ (31) දිනයේ උදෑසන ඇයගේ පුත්‍රයා නිවසින් බැහැරව ගොස් ඇති අතර, සවස නැවතත් නිවසට පැමිණි මව පිළිබඳ සොයා බැලීමේ දී ඇයව කාමරයක් තුළ ගෙල සිරකර ඝාතනය කර තිබූ අයුරු දැක තිබෙනවා.

පසුව ඔහු මේ සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කර ඇති බවයි සඳහන් වන්නේ.

ඝාතනය සම්බන්ධයෙන් තවමත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර දංකොටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.