හෙට සහ අනිද්දා හෙද හෙදියන් වෘත්තීය ක්‍රියාමාර්ගයක
හෙට(01) සහ අනිද්දා(02) යන දෙදින තුළ සියලුම හෙද හෙදියන් පැය තුනක් සේවයෙන් බැහැරව වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව සමස්ත ලංකා හෙද සංගමය පවසයි.
ගාල්ලේ ඊයේ (30) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම සංගමයේ සභාපති රවීන්ද්‍ර කහදවල මහතා සඳහන් කළේ, හෙද හෙදියන්ගේ දීමනා ලබාදීම, නිල ඇඳුම් දීමනා ඇතුළු ගැටලු කිහිපයකට විසඳුම් ඉල්ලා මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය සිදුකරන බවයි.
මේ අතර, සෞඛ්‍ය පද්ධතියේ පවතින ගැටලු නිරාකරණය කිරීම සදහා විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලියකට යොමුවීම අත්‍යවශ්‍ය බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසනවා.