විල්පත්තුවෙන් අලුත් වාර්තාවක්
සත්ත්වවේදියෙකු ඇතුළු කණ්ඩායමක් 2011 වසරේ සිට සිදුකළ පර්යේෂණයකට අනුව ආසියාවේ වැඩිම කොටි ඝනත්වයක් ඇති වනාන්තරය මෙරට විල්පත්තු ජාතික වනෝද්‍යානය බවට හෙළිවී තිබේ.
මේ වනවිට වනෝද්‍යානයේ කොටියන් 313කට ආසන්න ප්‍රමාණයක් සිටින බවත් පැටවුන් සමග කොටි ධේනුවන් 8ක් පමණ දිවිගෙවන බවත් අනාවරණ වී තිබේ.
හෙක්ටයාර 131,690ක භූමියක් පුරා පැතිරෙන විල්පත්තුව, මෙරට විශාලතම ජාතික වනෝද්‍යානය ලෙස සැළකෙයි.
මන්නාරම සහ වවුනියා දිස්ත්‍රික්කවලට මායිම් වන විල්පත්තුව පුත්තලම සහ අනුරාධපුරය යන දිස්ත්‍රික්ක පුරා විහිදෙන වනෝද්‍යානයකි.
විල්පත්තුවේ සිටින කොටියන් හේතුවෙන් එය ලොව සුපතළ වනෝද්‍යානයක් බවට පත්ව ඇත.