රාජකාරියට බාධා කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට

කොල්ලුපිටිය ප්‍රසිද්ධ සමාජ ශාලාවක් අසල සැක සහිත ලෙස රැඳී සිටියදී  පරීක්ෂා කිරීමට යාමේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ  පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය ප්‍රකාශ කරයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ වාර්තා කොට්ඨාසයට අනුයුක්තව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ බත්තරමුල්ල පිහිටි කාර්යාලයේ රියදුරෙකු කටයුතු කරන පොලිස් කොස්තාපල් වරයෙක් සහ මිරිහාන  පොලිසියට අනුක්තව රාජකාරි කරනු ලබන ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකි.

කොල්ලූපිටිය පොලිසියේ ප්‍රජා පොලිස් අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන උප පොලිස් පරීක්ෂකවරයෙකු තවත් නිලධාරියකු සමග සිවිල් ඇඳුමින් සැරසී පොලිස් හැඳුනුම්පත පෙන්වා එම ස්ථානයේ සැකසහිත ලෙස රැඳී සිටි පුද්ගලයින් දෙදෙනා පරීක්ෂා කිරීමට යාමේදී ඔවුන් දෙදෙනා පොලිස් නිලධාරීන් දෙදෙනා සමග බහින්බස් වී ඇතැයි පොලිසිය කියයි