ප්‍රබල දේශ­පා­ල­නඥ­යකු හදිසියේ මියයයි

ඉන්දි­යාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ බහු­ජන සමාජි පක්ෂයේ ප්‍රබල දේශ­පා­ල­නඥ­යකු වූ මුක්තාර් අන්සා­රි (Mukhtar Ansari) හෘද­යා­බා­ධ­ය­කින් ජීවි­ත­ක්ෂ­යට පත්ව ඇත.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 60ක් වූ අතර, පුද්ගල ඝාතන කිහි­ප­යක් සම්බ­න්ධව වර­ද­කරු වී ජීවිතාන්තය  දක්වා සිරදඬු­වම් විඳි­මින් සිටියදී ඔහු මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇත.

කෙසේ වෙතත් අන්සාරිගේ මරණයෙන් පසු බොහෝ විපක්ෂ නායකයින් ඔහුගේ මරණය සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ පරීක්ෂණයක් ඉල්ලා සිටින බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.