විහිළුවට පිටිපස්සෙන් ඇල්ලූ හුළං බටය තරුණයෙකුට දිවි අහිමි කරයි
මාබිම ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ගෑස් සමාගමක අලුත්වැඩියා අංශයේ සේවකයකුගේ ගුද මාර්ගයට හුළං බටයක් ඇල්ලීමෙන් බඩවැල් පිපිරී යෑම හේතුවෙන් එම පුද්ගලයා මිය ගොස් තිබෙනවා.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ එම ආයතනයේ සේවය කළ පාණදුර, අළුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි දේශාන් මධුශංක නමැති 24 හැවිරිදි තරුණයෙක්.
මේ සම්බන්ධයෙන් එහි සේවකයන් දෙදෙනකු සපුගස්කන්ද පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඉකුත් සඳුදා (25) දහවල් මෙම සේවකයන් දෙදෙනා විහිළුවට මියගිය සේවකයාගේ ගුද මාර්ගයට හුළං බටයක් අල්ලා ඇති බවයි.
ඉන් අසාධ්‍ය තත්ත්වයට පත්වු ඔහු රාගම මහා රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගියදා (28) රාත්‍රීයේ මියගොස් තිබෙනවා.
මියගිය සේවකයාගේ මරණ පරීක්ෂණය ඊයේ (29) රාගම මහ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබුණා.
අත්අඩංගුවට ගත් සැකකාර සේවකයන් දෙදෙනා තිස්සමහාරාමය ප්‍රදේශයේ පදිංචි දභඅට හැවිරිදි වියේ පසු වන්නන් වන අතර, ඔවුන් මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.