කාලගුණයෙන් ජනතාවට හදිසි දැනුම්දීමක්
ඉදිරි පැය 36 දී බස්නාහිර, දකුණ, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලට හෙට (31) පස්වරු 2න් පසු තැනින් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එසේම උතුර, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයකද පස්වරුවේ වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ අතර බස්නාහිර, වයඹ, උතුර, උතුරුමැද සහ දකුණු පළාත්වලට හෙට දිනයේදී අවධානය යොමු කළ යුතු මට්ටමක උණුසුමක් පැවතිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.