වරාය නගර අධිවේගී මාර්ගයේ විවෘත කිරීම ළඟදීම

කොළඹ ඉඟුරු කඩේ මංසන්ධියේ සිට කොළඹ වරාය නගරය දක්වා අධිවේගී මාර්ගය ලබන ජූලි මස විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

කිලෝමීටර් 5.3ක දිගින් යුත් එම මාර්ගය මංතීරු 4කින් සමන්විත වන අතර එහි ඉදිකිරීම් වලින් 80%ක් පමණ මේ වන විට නිම වී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කර ඇත.

ඉඟුරු කඩේ පිවිසුම, පිටකොටුව පිවිසුම අලුත් මාවත පිවිසුම, ගාලු මුවදොර පිවිසුම සහ වරාය නගරයට ඇතුළු වීමේ පිවිසුමයන පිවිසුම් මාර්ගයෙන් නව අධිවේගී මාර්ගය සමන්විත වේ.

එම මාර්ගය වරායේ සිට බාධාවකින් තොරව කන්ටේනර් රථ බාහාලුම් ප්‍රවාහනය සඳහා නව ප්‍රවේශ මාර්ගයක් ලෙසද භාවිතයට ගනු ලැබේ.

ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය ආධාර යටතේ වෙන් කෙරුනු මුදල රුපියල් බිලියන28කට අධිකයි.