ප්රාදේශීය ලේකම් කාර්යාලවල මාණ්ඩලික නිලධාරීන්ට දිරි දීමනා
ප්රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මාණ්ඩලික නිලධාරී තනතුරු කිහිපයක් සඳහා විශේෂ මාසික දිරි දීමනාවක් ගෙවීමට රජය විසින් තීරණය කර ඇති අතර, ඒ සඳහා කැබිනට් අනුමැතිය ද ලැබී ඇත.
ඒ අනුව මේ මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා ප්රාදේශීය ලේකම් තනතුර සඳහා රුපියල් 15,000ක මුදලක් සහ සහකාර ප්රාදේශීය ලේකම්, සහකාර අධ්යක්ෂ සැලසුම් සහ ගණකාධිකාරී යන තනතුරු සඳහා රුපියල් 10,000ක මාසික දිරි දීමනාවක් ලබාදීමට නියමිතයි.