ISIS ප්‍රහාරයකින් රුසියාව සලිතවෙයි…( VIDEO )
රුසියාවේ මොස්කව් අගනුවර නාට්‍ය ශාලාවකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
කැලෑ ඇදුමෙන් සමන්විත සන්නද්ධ පුද්ගලයින් කිහිප දෙනෙකු වෙඩි තබමින් එම ශාලාවට ඇතුළු වී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ.
මෙම ප්‍රහාරයෙන් අවම වශයෙන් පනහකට අධික පිරිසක් මිය යන්නට ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.
එම සංඛ්‍යාව තවදුරටත් වැඩි විය හැකි අතර තුවාල ලැබූ සියයකට අධික පිරිසක් මෙවන විටත් රෝහල් කරා ඇතුළත් කර තිබෙනවා.
ප්‍රහාරය සිදුකර පැය කිහිපයකට පසු එහි වගකීම ඉස්ලාමීය ත්‍රස්තවාදී කණ්ඩායම හෙවත් ISIS විසින් භාරගෙන ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ.
ප්‍රහාරය සඳහා පැමිණි ඝාතකයින් ප්‍රහාරය සිදුකර නිරුපද්‍රිතව පලා ගිය බවද අදාළ ත්රස්තවාදීන් නිවේදනය කර තිබෙනවා.