සජිත් ප්‍රේමදාස IMF නියෝජිතයින් හමුවේ

අද (20) දින  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර හමුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පවත්වා තිබේ.

මෙම හමුව සඳහා සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් රැසක් සහභාගීවී තිබුණි.

රජය අක්‍රමවත් ලෙස ආර්ථිකය හැසිරවීම හේතුවෙන් අගතියට පත්වී සිටින ලක්ෂ 220ක මෙරට ජනතාවගේ ගැටළුවලට විසඳුම් ලබා දී  දුගීභාවය තුරන් කිරීමේ වැඩපිළිවෙළක අත්‍යවශ්‍යතාවය ද මෙහිදී IMF නියෝජිතයින්ගේ අවධානයට යොමුකර තිබේ.

විපක්ෂ නායකවරයා මෙහිදී වැඩිදුරටත් පවසා තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳීමට ඉදිරිපත් කළ යෝජනා සහ ඉලක්කවලට සමගි ජන බලවේගය ධනාත්මකව එකඟවන නමුත් ඇතැම් යෝජනා සංශෝධන සහිතව ක්‍රියාත්මක කළ යුතු බවයි.