කැනඩාවේ යළිත් ඛේදවාචකයක්

කැනඩාවේ ඔන්ටාරියෝ හි නිවසක හටගත් ගින්නකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.

මෙලෙස මරණයට පත්වී ඇත්තේ ඉන්දියානු සම්භවය සහිත එකම පවුලේ මව, පියා සහ දියණිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ගින්න නිවා දැමීමෙන් පසුව පුද්ගල මළසිරුරු තුනක් හමුවී තිබුණි.

කෙසේ වුවද ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කරගැනීමට බලධාරීන් සමත්වී තිබුණේ නැති බවද වාර්තා වෙයි.

මෙම ගින්න අනතුරක් නොවන බවත් සැක කටයුතු ගින්නක් බවත් කැනඩා පොලීසිය පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.