ඩකා ගොඩනැගිල්ලක මහ ගින්නක්.. 43ක් මරුට.. විශාල පිරිසක් රෝහලේ..
බංග්ලාදේශයේ ඩකා අගනුවර මහල් ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් අවම වශයෙන් පුද්ගලයින් 43 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
පුද්ගලයන් සියයක ආසන්න පිරිසක් රෝහල් ගත කර ඇත.
ගොඩනැගිල්ලේ අවන්හලක මෙම ගින්න හටගෙන ඇති අතර ගොඩනැගිල්ලේ ඇති වෙනත් ආපනශාලා මෙන්ම ඇඳුම් පැළඳුම්, ජංගම දුරකථන සාප්පු කිහිපයක් ද ඇත.
ගෑස් කාන්දුවක් හෝ උදුනකින් ගින්න හටගෙන ඇති බවට විශ්වාස කෙරේ.