ගණිකා වෘත්තිය නීතිගත කරන්න හරිනිට හිරුණිකාගෙන් අතහිත..

මෙරට තුළ ගණිකා වෘත්තිය නීතිගත කිරීම සඳහා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හරිනි අමරසූරිය මහත්මිය පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ගෙන ආ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය යෝජනා කරයි.

මෙරට ගණිකා වෘත්තීය තහනම් කර ඇති ආඥා පනත අහෝසි කිරීම සඳහා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවකින් හැකියාව ඇති බවද ඇය සඳහන් කරන්නීය.

ජාතික ජන බලවේගය ආණ්ඩුවක් පැමිණෙන තෙක් ඒ සඳහා බලා සිටිය යුතු නැති බවද ඇය පැවසුවාය.

පහසුවෙන්ම පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් හරහා එය කළ හැකි බවද කියා සිටි.

ජාතික ජන බලවේගයේ පාලනයක් තුළ ගණිකාව වෘත්තිය සම්බන්ධයෙන් නීති සංශෝධනය කරන බවට අමරසූරිය මහත්මිය විසින් සිදු කරන ලද ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් හිරුණිකා ප්‍රේමචන්ද‍්‍ර මහත්මිය මෙම අදහස් පළ කළාය.