මහ බැංකු ලොක්කන්ගේ වැටුප් ලක්ෂ 07කින් වැඩිකරගැනීම – හඳුන්නෙත්තිගෙන් සැර උත්තරයක්

මහ බැංකුවේ ඉහළ නිලධාරීන් රට හැරයාම වලක්වාගැනීම සඳහා 90%කට වැඩි ප්‍රමාණයකින් වැටුප් වැඩි කළ බව මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය කර ඇති ප්‍රකාශය පිළිබදව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්තිගෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයට දැඩි පිළිතුරක් ලබා දී තිබේ.

හැඟීමක් නැති එවැනි නිලධාරීන් රට හැර යාම කිසිසේත් ගැටළුවක් නොවන බවත් මේ රටේ ජනතාව පිළිබඳව හැඟීමක් තිබෙන විශය ප්‍රවීනයන් තව සිටින බවත් සුනිල් හඳුන්නෙත්ති අවධාරණය කරනු ලැබීය. මාධ්‍යවේදියා නැගූ ප්‍රශ්නයට ඔහු ලබා දුන් පිළිතර පහත දැක්වේ.

“ඒ වගේ රට ගැන හැඟීමක් නැති නිලධාරීන් ගියදෙන්කො. වැඩක් නෑනෙ තියාගෙන. පඩි වැඩිකර දුන්නේ නැත්නම් රට හැර දා යනවා කියන අය මේ රටට වැඩකරයිද? එහෙම අය මේ රටට ඕනෑද? මේ රටේ ඉගෙනගත්ත අය ඕන තරම් ඉන්නවානේ. මේ රට හදන්න හැඟීමක් තිබෙන මිනිස්සු ඉන්නවා. මුදල් රාජ්‍ය ඇමති එහෙම කියනවානම් මහ බැංකුව ඔහුගේ පාලනයෙන් තොරයි. ඒ නිලධාරීන් සහ ඇමතිවරයා යන දෙගොල්ලෝම මේ රටට වගකියන්නේ නැහැ. කොහොමත් නන්දලාල් පිටරට ඉඳන්නේ ගෙන්වාගත්තේ.” යනුවෙනි