නිලධාරිනියක් පැය 24ක් යාමට පෙර එම නිලයෙන් ඉවත් කරයි.
පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය
පාර්ලිමේන්තු ඉහළම නිලයකට උසස් වීම් ලැබූ නිලධාරිනියක් පැය 24ක් යාමට පෙර එම නිලයෙන් ඉවත් කරයි.
එම උසස් නිලධාරිනියගේ අංශයේ දෙවැනි නිලයට පත් කළ නිලධාරියාගේ නිවෙසට ගොස් ඔහුට විරුද්ධව බලපෑම් කරන ලදැයි චෝදනා පදනම් කර ගනිමින් එම තනතුරින් ඉවත් කිරීමට තීරණය කර ඇත.
දෙවැනි නිලයට පත් කළ නිලධාරියා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර දැනුම් දීමෙන් පසුව මෙම පියවර ගෙන ඇතැයි ආරංචි මාර්ග පවසයි.
ගල්පාත චන්දන පෙරේරා