තැන්පතු මුදල් සඳහා පසුගිය 2023 වසර වෙනුවෙන් පොලියක්
පාරිභෝගිකයින්ගෙන් අයකර ගන්නා තැන්පතු මුදල් සඳහා පසුගිය 2023 වසර වෙනුවෙන් පොලියක් ගෙවීමට සූදානම් බවට පසුගිය (13) දින ලංකා විදුලිබල මණ්ඩලය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සදහන් කර ඇත.
විදුලිබල මණ්ඩලය විසින් පාරිභෝගිකයින්ට නව විදුලි සැපයුමක් ලබා දීමේදී අය කළ පාරිභෝගික තැන්පත් මුදල් රුපියල් කෝටි 112කට ආසන්න මුදලක් පසුගිය වසරේදී පොලී ලෙස ගෙවා ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය සදහන් කරයි.
පාරිභෝගික තැන්පත්වලට පොලියක් ගෙවීමට එම මණ්ඩලය මීට දින කීපයකට පෙර අධිකරණයට පොරොන්දු වීමෙන් අනතුරුව මුදල් ගෙවා ඇති බව නිවේදනයක් නිකුත් කරමින් විදුලිබල මණ්ඩලය සදහන් කරයි.
ගල්පාත චන්දන පෙරේරා