කාන්තාවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණ දණ්ඩනය හිමිව සිටි කෙනත් ඉයුජීන් ස්මිත් ගේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ඇලබාමා බලධාරීන් කටයුතු කර තිබේ.

ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ නයිට්‍රජන් වායුව යොදා ඔහුගේ දිවි තොර කර ඇති බවයි.

ඒ සඳහා විනාඩි 25ක පමණ කාලයක් ගතවූ බව සිද්ධිය නිරීක්ෂණය කිරීමට අවස්ථාව ලැබුණු මාධ්‍යවේදියෙක් බී බී සී පුවත් සේවයට පවසා තිබේ.

එවැනි ආකාරයකට මරණ දණ්ඩනය ක්‍රියාත්මක කළ ලොව පළමු අවස්ථාව ලෙස එය සැලකෙයි.

නයිට්‍රජන් වායුව භාවිතයෙන් මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කිරීමට එරෙහිව ස්මිත් අමෙරිකානු ඉහළ අධිකරණ වෙත අභියාචනා ඉදිරිපත් කර තිබුණි.

එසේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම ඉතා අමානුෂික ක්‍රමවේදයක් බව ඔහු පවසා තිබුණි.

නමුත් ඔහුගේ අභියාචනා ප්‍රතික්ෂේප විය.

2022 වසරේදී විස එන්නතක් ලබාදී ස්මිත් ගේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ඇලබාමා බලධාරීන් ගත් උත්සාහය ව්‍යාර්ථ වුණි.

එළිසබෙත් සෙන්නෙත් නම් කාන්තාවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් 1989 දී ස්මිත් වරදකරු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *