සී.සී.ටී.වී. කැමරා හරහා රථවාහන වැරදි නිරීක්ෂණය කර රථවාහන හිමිකරුවන් වෙත දඩපත් යැවීමේ නියමු ව්‍යාපෘතිය යටතේ ඊයේ දිනය තුළ කොළඹ අවට  නිරීක්ෂණයෙන් රථවාහන වැරදි 125 ක් හදුනාගත් බවත් එම වාහන වල හිමිකරුවන් වෙත මුලික පියවරක් ලෙස අවවාද කිරීමට කටයුතු කල බවත් පොලිස් මුලස්ථානය පැවසීය.

මෙහිදි හදුනාගත් වැරදි අතර ප්‍රධාන වශයෙන් තීරු මාරු කර ධාවනය කිරීම සහ නැවැතුම් රේඛාවේ නොනවත්වා ධාවනය කිරීමේ වරදවල් නිරීක්ෂණය වූ බව ද පොලිස් දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *