රාජ්‍යතාන්ත්‍රික මත ගැටුමකින් සංචාරක ව්‍යාපාරයටත් බලපෑම්
මාලදිවයිනේ සංචාරයේ යෙදීම සඳහා සංචාරකයින් සිය ගුවන් ආසන වෙන්කරගැනීම සඳහා භාවිත කරන ඉන්දීය වෙබ් අඩවියක් එම කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.
ඊට හේතුවී ඇත්තේ සමාජ මාධ්‍ය ඔස්සේ මාලදිවයින් වැසියන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදිට අපහාස වන ලෙස සිය ගිණුම්වල විවිධ දේ පළකිරීමය.
සංචාරක කර්මාන්තය මත සිය ආර්ථිකය රඳවාගන්නා මාලදිවයිනට ඒ හේතුවෙන් විශාල ආර්ථික බලපෑමක් ඇතිවෙතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
EaseMyTrip වෙබ් අඩවියේ විධායක අධ්යක්ෂ ප්රශාන්ට් පිට්ටි පැවසුවේ මාලදිවයිනට යාමට කර තිබූ ආසන වෙන්කිරීම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්තිටුවන බවය.
මේ අතර විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ මාලදිවයිනේ නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සම්බන්ධයෙන් පළකළ මත හේතුවෙන් දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික ගැටුමක් නිර්මාණය වී ඇති බවය.
අගමැති මෝදි, ලක්ෂද්වීප් දූපතේ කළ සංචාරයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ තැබූ සටහනකට ප්‍රතිචාර දක්වමින් මෙම ඇමතිවරුවන් සඳහන් කර තිබුණේ මෝදි යනු ත්‍රස්තවාදියෙකු, කවටයෙකු මෙන්ම ඊශ්‍රායලයේ රූකඩයක්ද බවය.
මෙම ප්‍රකාශවලට එරෙහිව ඉන්දියාව තුළ ප්‍රබල මතයක් ගොඩනැගුණු අතර ඉන්දියානුවන් හෑෂ්ටැග් බොයිකොට් මෝල්ඩිව්ස් එනම් මාලදිවයින වර්ජනය කරමු වැනි සටහන් පළකරමින් මාලදිවයිනේ සංචාර අවලංගු කරමින් සිටින බව වාර්තා විය.
බොලිවුඩ් සිනමා නළු ආක්ෂේ කුමාර් සහ ක්‍රිකට් ක්‍රීඩක හාර්දික් පාණ්ඩ්‍යා වැනි ප්‍රකට ඉන්දීය චරිත මෙලෙස මාලදිවයින වර්ජනය කිරීමේ පියවරට එක්වීම එරට සංචාරක ව්‍යාපාරයට දැඩි පහරක් විය හැකි බව විචාරකයන් පෙන්වා දෙයි.
ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් ප්‍රකාශ කළේ ඉන්දියානුවන් විදේශ දිවයින්හි සංචාරය කරනු වෙනුවට තම රටේ දිවයින්වල සංචාරය කිරීමට ප්‍රමුඛතාවයක් ලබාදිය යුතු බවය.
මෙම සිදුවීම් ජාලයට ප්‍රතිචාර ලෙස මතභේදයට තුඩු දුන් මල්ෂා ෂරීෆ්, මේරියම් ෂිවුනා සහ අබ්දුල්ලා මහ්සූම් මජිද් යන නියෝජ්‍ය ඇමතිවරු තිදෙනා ධුරයෙන් ඉවත්කිරීමට මාලදිවයින් රජය පියවර ගත්තේය.
එමෙන්ම එය හුදෙක් ඔවුන් තිදෙනාගේ පෞද්ගලික අදහස් පමණක් බව මාලදිවයින් රජය පවසයි.
කෙසේ නමුත් මාලදිවයිනේ රඳවා සිටි 75කින් යුතු ඉන්දීය හමුදා බලඇණියක් ඉන් ඉවත්කරගැනීමට ඉන්දියාව දැනටමත් පියවර ගෙන තිබේ.
විශේෂයෙන් මාලදිවයිනේ ඉන්දීය විරෝධයක් මතු වූයේ චීන හිතවාදී මොහොමඩ් මුයිසුගේ රජය බලයට පත්වීමෙන් අනතුරුවය.
පසුගිය වසරේ නොවැම්බරයේ මාලදිවයිනේ බලයට පත්වූ මොහොමඩ් මුයිසු – ඉන්දියාවට ප්‍රමුඛත්වය ලබාදීමේ මාලදිවයින් ප්‍රතිපත්තිය වෙනස් කිරීමට පියවරක් ගනිමින් සිටියි.
මෙම සිද්ධිය වාර්තා වූයේ නව අග්‍රාමාත්‍යවරයා චීනයේ නිල සංචාරයක් ආරම්භ කරද්දී වීම විශේෂත්වයක්.
නව ජනාධිපතිවරයා අද සිට ලබන 12 වැනිදා දක්වා බීජිං නුවර සංචාරය කිරීමට නියමිතය.
ඔහු ඉන්දියාවට පෙර චීනයේ සංචාරය කිරීම මාලදිවයින තවදුරටත් ඉන්දියාවට ප්‍රමුඛතාවක් ලබානොදෙන බවට කදිම උදාහරණයකි
.