ඉන්දියාවෙන් දෘඩාංග මිලදී ගැනීම දෙරට අතර සහයෝගීතාවයට නව මානයක් – ආරක්ෂක රාජ්‍ය ඇමැති

0

පසුගිය දශකය තුළ ඉන්දීය ආරක්‍ෂක නිෂ්පාදන අංශයේ දියුණුවට සමගාමීව ඉන්දියාවෙන් දෘඩාංග මිලදී ගැනීම දෙරට අතර සහයෝගීතාවයට නව මානයක් එක් කළ බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසුවා.

ඊයේ (07) කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවති ඉන්දීය ආරක්‍ෂක අපනයන ප්‍රවර්ධන සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනයට සහභාගී වෙමින් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සමාරම්භක කථාව පවත්වමින් කියා සිටියේ තම අත්දැකීම් අන් අය සමඟ බෙදාගැනීමට සහ හැකියාවන් වර්ධනය කර ගැනීමට තමන් අපේක්‍ෂා කරන බවත්, ශ්‍රී ලංකාව සමඟ සෑම ක්ෂේත්‍ර‍යක් තුලම දක්වන සහයෝගීතාවය අගනා දෙයක් ලෙස සලකන බවත්ය.

දුරස්ථ තාක්‍ෂණය ඔස්සේ උත්සවය අමතමින් ඉන්දීය ආරක්‍ෂක ලේකම් (ආරක්‍ෂක නිෂ්පාදන) ගිරිධාර් අරමානේ මහතා ශ්‍රී ලංකාව ඉන්දියාවේ ප්‍රධාන සංවර්ධන හවුල්කරුවෙකු බවත් එය ද්විපාර්ශ්වික සබඳතාවල දී ඉතා වැදගත් බවත් ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *