කැබිනට් අමාත්‍ය ධුර දෙකක් වෙනස් වන ලකුණු

0

එළැඹෙන දින කිහිපය තුළ කැබිනට් අමාත්‍ය ධුර දෙකක වෙනසක් සිදුවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපතිවරයා සිය ජපාන සංචාරය නිමවා මේ වන විට දිවයිනට පැමිණ ඇති අතර ඒ අනුව ඉතා ඉක්මනින් එම අමාත්‍ය ධුර දෙකෙහි වෙනසක් සිදුවනු ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් එම ධුර සඳහා කිනම් පුද්ගලයෙකු පත් කරන්නේ ද යන්න සම්බන්ධයෙන් මේ වන තෙක් තොරතුරු අනාවරණය වී නොමැත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයින් අමාත්‍ය ධුර බලාපොරොත්තුවෙන් සිටින අතර ඔවුන් සඳහා එම අමාත්‍ය ධුර දෙක ලබාදෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

පසුගිය කාලසීමාව තුළ අවස්ථා ගණනාවක දී ජ්‍යෙෂ්ඨයින් සඳහා අමාත්‍ය ධුර ලබාදෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉල්ලීම් කර තිබුණ ද ඔවුන්ට අමාත්‍ය ධුර හිමිවූයේ නැත

.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *