ඉන්ධන කෝටාව ඉහළට: එක් එක් වාහන සඳහා ලැබෙන ඉන්ධන ප්‍රමාණය මෙන්න
මැයි 30 වන දා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දැනට ලබා දෙන ඉන්ධන කෝටාව ඉහළ නැංවීමට පියවර ගෙන තිබේ.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මේ බව සඳහන් කර ඇත.
ඔහු සඳහන් කළේ, ඒ අනුව යතුරුපැදිවලට සහ ත්‍රිරෝද රථවලට ලබා දෙන ඉන්ධන කෝටාව ලීටර 14 දක්වා ඉහළ දමන බව ය.
මීට පෙර යතුරුපැදියක් සඳහා ලීටර් 7ක් සහ ත්‍රිරෝද රථයක් සඳහා ලීටර් 8ක් ලබා දී තිබිණි.
එමෙන් ම ලියාපදිංචි ත්‍රිරෝද රථ සඳහා ලබාදී තිබූ ඉන්ධන කෝටාව ද ලීටර් 15 සිට ලීටර් 22 දක්වා ඉහළ දමා ඇති බව ඔහු සඳහන් කර ඇත.
තව ද බස් රථ සඳහා ලබා දී තිබූ ඉන්ධන කෝටාව ලීටර් 125ක් දක්වා ඉහළ දැමීමට නියමිත ය.
බස් රථ සඳහා මීට පෙර ලබා දී තිබුණේ, ලීටර් 60ක ප්රමාණයකි.
මීට අමතරව, මෝටර් රථ සඳහා ලබා දී තිබූ ඉන්ධන කෝටාව ද ලීටර් 30 සිට 40 දක්වා ඉහළ දැමීමට නියමිත ය.
එමෙන් ම ලොරි රථ සඳහා ලබා දී තිබූ ඉන්ධන කෝටාව ද ලීටර් 75 සිට 125 දක්වා ඉහළ නැංවෙනු ඇත.
වෑන් රථ සඳහා ලබා දී තිබූ ඉන්ධන කෝටාව ලීටර් 30 සිට 40 දක්වා ලීටර් 10කින් ඉහළ දැමීමට නියමිත ය.
ඉඩම් වාහන සඳහා ද ලබා දී තිබූ ඉන්ධන කෝටාව ලීටර 25 සිට 45 දක්වා ඉහළ දමන බව අමාත්‍යවරයා සිය ට්විටර් පණිවිඩයේ වැඩිදුරට ත් සඳහන් කර ඇත.