ඉන්දියාවේ සිට මෙරටට නීති විරෝධී ලෙසින් මුහුදු මගින් රැගෙන ආ බීඩි කොළ තොගයක්, වෑන් රථයකින් ප්‍රවාහන කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

වෑන් රථයකින් ප්‍රවාහනය කළ බීඩී කොල තොගය අද දින අලුයම තලවිල පොලිස් මුර පොළේ නිළධාරීන්  හඹා යද්දී අක්කර අනූව ප්‍රදේශයේදී සැකකරු වෑන් රථය එහි දමා පළාගොස් ඇතැයි පොලිසිය පවසයි.

යුධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව කල්පිටිය සහකාර පොලිස් අධිකාරි සුජීව ද සොයිසා ගේ මෙහෙයවීමෙන් තලවිල පොලිස් මුරපොළ නිළධාරීන් මෙම වැටලීම සිදු කොට ඇත.

මෙම බීඩිකොළ තොගය කල්පිටියේ සිට පුත්තලම දෙසට ප්‍රවාහනය කරමින් තිබී ඇත.

බීඩි කොළ කිලෝ ග්‍රැම් 630 ක් සහිත ඩොල්පින් වර්ගයේ වෑන් රථය පොලිස් අත් අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *