“උපයෝගිතා කොමිසමේ අලුත් සභාපති එන සතියේ” – ඩග්ලස් නානායක්කාර
මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා පත් කිරීම එළඹෙන සතිය තුළ සිදුකරනු ඇතැයි එම කොමිසමේ සාමාජික ඩග්ලස් නානායක්කාර ‘ඉරිදා මව්බිම’ට පැවසීය.
මේ වන විට එහි සාමාජිකයන් දෙදෙනෙකුගේ පුරප්පාඩු පවතින බැවින් එම පුරප්පාඩු පුරවා අනතුරුව සාමාජික පිරිස අතරින් අයෙකු සභාපතිවරයා ලෙස පත්කරනු ලබනු ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.
මේ මස 30 වන දා වනවිට අනිවාර්යයෙන් ම අවසන් කළ යුතු ලියකියවිලි පවතින බැවින් මේ මාසය තුළ මෙම පත්වීම් සිදුකරනු ඇතැයි ද හෙතෙම කියා සිටියේ ය.
මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා පත් කරනු ලබන්නේ මුදල් විෂය භාර අමාත්‍යවරයා විසිනි.