විදේශ රැකියා ලබාදෙන බව පවසමින් විවිධ වංචා සිදුකරන පුද්ගලයින් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලිවල සීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

0

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් විවිධ වංචා සිදුකරන පුද්ගලයින් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලිවල සීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනරත්යාපා මහතා සඳහන් කළේ, මේ වසරේ ගතවූ කාලය තුළ පමණක් ඒ සම්බන්ධයෙන් පැමිණිලි 1,150කට වැඩි සංඛ්‍යාවක් ලැබී ඇති බවය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ගාමිණී සෙනරත්යාපා මහතා එම අදහස් පළ කළේය.

“2021 වර්ෂයේ අපිට ලැබෙන්නේ, 552ක් වගේ පැමිණිලි සංඛ්‍යාවක් විදේශ රැකියා සඳහා වංචා සහගතව මුදල් අයකර ගත්තා කියලා. මේක 2022 වසර වෙනකොට 1,337 දක්වා වර්ධනය වෙලා තියෙනවා. අවාසනාවකට මෙය කියන්න කනගාටුයි මේ අවුරුද්දේ මාස 5 ඇතුළත 1,156 දක්වා පැමිණි සංඛ්‍යාවක් කාර්යාංශයට ලැබිලා තියෙනවා. මේ සංඛ්‍යා දත්ත විශ්ලේෂණය තුළම අපිට යම් අදහසක් ගන්න පුළුවන් ඉතා සීඝ්‍ර ලෙස ජනතාව මුලාකරමින් සිටිනවා. ජනතාව මුලා කරමින් විදේශ රැකියා පෙන්වමින් අයතා අයුරින් නැත්නම් නීතිවිරෝධීව වංචා සහගතව මේ මුදල් ලබාගැනීමේ ක්‍රමවේදයකට යම් යම් සංවිධානාත්මක පුද්ගලයින් ක්‍රියාකරනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *