ජනාධිපති රට යද්දී විශාල නඩයක් එක්ක ගිහින් රටේ ධනය නාස්ති කරන්නෑ…

0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදේශ සංචාරවල යෙදෙන යෙදෙන විට විශාල නඩයක් එක් කරගෙන ගොස් රටේ ධනය නාස්ති නොකරන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කරයි.

එය ජනාධිපතිවරයාගේ දේශපාලන භාවිතය තුළ මුළුමනින්ම ඇති ප්‍රතිපත්තියක් බවත් හෙතෙම කියා සිටියේය.

ජනාධිපතිවරයා මෙවර ජපාන සංචාරයක නිරත වන්නේ බුදුදහම ලොව පුරා ප්‍රචාරය කිරීමේ සඳහා මහා විහාර විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමටත්, කොළඹ නගරයේ වාහන තදබදයට විසඳුමක් ලෙස සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි ක්‍රියාත්මක කිරීම පිළිබඳවත් සාකච්ඡා කිරීමට බව ද මහ ලේකම්වරයා පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *