ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා හෙට (23) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.

එහිදී ජනාධිපතිවරයා සිංගප්පූරුවේ සහ ජපානයේ නිල සංචාරයක නිරත වීමට නියමිතව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපතිවරයා එළඹෙන 25 සිට 27 දක්වා ජපානයේ රැඳී සිටීමට නියමිතය.

එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපාන අග්‍රාමත්‍ය Fumio Kishida සමඟ ද්විපාර්ශවික සාකච්ඡා සිදුකිරීමට නියමිතව ඇත.

මේ අතර ජනාධිපතිවරයා මෙම සංචාරය අතරතුරදී Nikkei Asia Forum වෙතද එක්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *